අද (02)කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ ක්‍රිස් වර්ල්ඩ් සමාගමේ කොටස් මිලියන 20ක් ගනුදෙනු වූ අතර මුළු පිරිවැටුම රුපියල් මිලියන 246ක් ලෙස වාර්තා කරන ලදී. අද දින ගනුදෙනු අතරතුර ක්‍රිස් වර්ල්ඩ් සමාගමේ විකිණීම සඳහා යොමුකර තිබූ සියලුම කොටස් ආයෝජකයන් විසින් මිලදී ගෙන තිබූ අතර ඒ අනුව විකිණුම් පුවරුවෙහි දිනය අවසාන වනවිට විකිණීම සඳහා කිසිදු කොටසක් ප්‍රදර්ශනය නොවීය.
අද කොටස් වෙළඳපල ගනුදෙන් 11,680ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 921ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 62ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 20,079ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සම්පත් බැංකුව මිලියන 319
- ක්‍රිස් වර්ල්ඩ් සමාගම මිලියන 246
- ඩිප් ප්‍රඩක්ට් සමාගම මිලියන 31
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ක්‍රිස් වර්ල්ඩ් සමාගම කොටස් මිලියන 20
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 09
- එස් එම් බී ලීසින් එක්ස් කොටස් මිලියන 03
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ක්‍රිස් වර්ල්ඩ් සමාගම 24%
- අම්බන් හෝල්ඩින් සමාගම 12%
- එස් එම් බී ලීසින් සමාගම 11%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 398
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 333
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 325
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 21 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 22ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 01ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් කොටස් මිලදී ගත් සමාගම්
- පික්මී සමාගම රුපියල් මිලියන 17
- වටවල වැවිලි සමාගම රුපියල් මිලියන 02
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ජෝන් කීල්ස් රුපියල් මිලියන 10
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 08
විශ්ලේෂණය – නීතිඥ රජීන්ද්‍ර නාරංගොඩ



