අද (03)කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ කොටස් මිලියන 1.5ක් ගනුදෙනු වූ පික්මී සමාගමේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 245ක් බවට පත්විය.
අද කොටස් වෙළඳපල ගනුදෙනු 13,464ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1524ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 40ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 20,119ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- පික්මී සමාගම මිලියන 245
- ඕවර්සීස් රියැලිටි සමාගම මිලියන 204
- නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මිලියන 161
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- මුලර්ස් සමාගම කොටස් මිලියන 7.6
- ඕවර්සීස් රියැලිටි සමාගම කොටස් මිලියන 4.2
- ජෝන් කීල්ස් කොටස් මිලියන 3.9
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සිට්‍රස් හික්කඩුව සමාගම 15%
- සිට්‍රස් වස්කඩුව සමාගම 16%
- සිට්‍රස් ලෙෂර් සමාගම 12%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 403
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 331
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 325
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 28 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 271ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 243ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් කොටස් මිලදී ගත් සමාගම්
- ඇස්කොට් සමාගම රුපියල් මිලියන 04
- අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 1.9
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- පික්මී සමාගම රුපියල් මිලියන 97
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 47
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 34
විශ්ලේෂණය – නීතිඥ රජීන්ද්‍ර නාරංගොඩ



