24.9 C
Galle

ගාල්ලේ ‍එන්නත් පොරයක්. නීතියක් නෑ. ප්‍රමුඛතා නෑ. චාරයක් නෑ

Published:

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බල ප්‍රදේශයේ ගාල්ල නාගරික සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදුකරන කොරෝනා එන්නත් ලබාදීම හිතූ හිතූ ආකාරයෙන් කිසිදු තේරීමක් හෝ පිළිවෙලක් නොමැතිව සිදුවන බවට ජනතාව චෝදනා කරති.

අද (02) මඩවලමුල්ල සද්ධාතිස්සාරාම විහාරස්ථානයේ දී එන්නත් කිරීමේ වැඩටහනක් පැවැති අතර එම ස්ථානයට පැමිණි පිරිස් කිසිදු නිරෝධායන නීතියක් නොතකා රැස්කමින් සිටි ආකාරය මෙම ඡායාරූපවල දැක්වේ. එම අවට පදිංචිකරුවන් පවසන්න් එන්නත් ලබාගැනීම සඳහා ප්‍රදේශයේ පදිංචිකරුවන්ට අමතරව වෙනත් නොදන්නා විශාල පිරිසක් මේ ස්ථානයට පැමිණි බවයි. ඔවුන් විවිධ වාහන හා යතුරුපැදිවලින් මේ විහාරස්ථානයට පැමිණ තිබෙනු දැකගත හැකිවිය.

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර එන්නත් ලබාදීමේ වැඩසටහන වඩාත් විධිමත් හා ක්‍රමානුකූලව සිදුකිරීම සඳහා Online ක්‍රමයට ලියාපදිංචි කිරීම සිදුකළ අතර ප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහා අයදුම්පත්‍ර බෙදා දී ලියාපදිංචිය ද සිදුකරනු ලැබීය.

එසේ සිදුකළ ද එන්නත් ලබාදුන් පළමු දිනයේ මඩපාතල ග්‍රාම නිලධාරී වසමේ ද අක්‍රමිකතා සිදුවූ බව අප විසින් හෙළිකළ විට ඇතැම් නිලධාරීන් අප වෙබ් අඩවියට ‍එරෙහිව විවිධ ප්‍රචාරයන් ගෙන ගිය අතර මාධ්‍යවේදීන් දෙදෙනකු වස්කවියක් ද සාදා ප්‍රචාරය කරන ලදී.

මේ වනවිට ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එන්නත් කිරීම සඳහා ග්‍රාම නිලධාරී වසම් තෝරාගෙන ඇත්තේ විවිධ දේශපාලන බල අධිකාරියන්ට හා නිලධාරීන්ට අවශ්‍ය ආකාරයට බවත් සැබෑ අවදානමක් සහිත ග්‍රාම නිලධාරී කොට්ඨාස සඳහා මෙතෙක් එන්නත් ලබා දී නොමැති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු චෝදනා කරති. ඔවුන් පවසන්නේ මේ එන්නත් කිරීම දේශපාලන බලය ඇත්තන් වෙනුවෙන් සිදුකර කූඨ ව්‍යාපාරයක් බවයි.

මඩවලමුල්ල ග්‍රාම නිලධාරී වසමේ එන්නත් වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැළසුම පරිදි උදය කාලයේ සිදුවූ අතර සවස්වන විිට එම තත්ත්වය වෙනස් වෙමින් තිබිණි. සවස 3.00 පමණ වනවිට එන්නත් ගැනීමට වෙනත් ප්‍රදේශවලින් පවා මෙම ස්ථානයට පැමිණ තිබිණි. ඔවුන් සමාජ දුරස්ථභාවය ගැන පවා සැළකිලිමත් වූයේ නැත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයකු කියා සිටියේ ප්‍රාදේශී්‍ය ලේකම්කාර්යාලය මගින් සැකසූ වැඩපිළිවෙලට අනුව සවස 3.30 පඹණ වනවිට මඩවලමුල්ල වසමේ පදිංචිකරුවන්ට එන්නත් ලබා දී අවසන් කළ බවයි. නමුත් ඉන් පසුව දේශපාලන මෙහෙයවීම් මත විශාල වශයෙන් පිරිස් පැමිණි බවත් ඔවුන්ගෙන් ඇතැම් පිරිසකට එන්නත් නොමැතිව හැරී යන්නට ද සිදුව තිබිණි.

එන්නත් ලබාගැනීමට පැමිණි පිරිස් පවසන්නේ 500ක පමණ පිරිසක් තවදුරටත් පෝළිමේ රැඳී සිටිය දී එන්නත් අවසන්වීම හේතුවෙන් ඔවුන් ආපසු හැරී යන ආකාරය අපට නිරීක්ෂණය කළ හැකි විය.

මේ පිළිබඳ ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්‍රිය්නත සහබන්දුගෙන් විමසූ විට මෙසේ කීවේය.

“දකුණු පළාතේ වැඩිම එන්නත් සංඛ්‍යාවක් ලබාදීපු වැඩසටහන ක්‍රියාත්මක කළේ මෙම ස්ථානයේ. එන්නත් 4900කට ආසන්න සංඛ්‍යාවක් එන්නත් ලබාදුන්නා. ඉතාමත් සාර්ථකව මෙම එන්නත් වැඩසටහන ක්‍රියාත්මක වුණා. පැමිණි කිසිවකු හරවා යැවුණේ නැහැ. සියලු දෙනාටම එන්නත් ලබාදුන්නා.”

Related articles

Recent articles

error: Content is protected !!