28.2 C
Galle

දකුණේ කොරෝනා තත්ත්වය නිල ලේඛන ඇසුරින්

Published:

දකුණු පළාතේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 16,419ක් දක්වා ඉහල ගොස් තිබේ. ඊයේ (04) දිනය තුළ පමණක් දකුණු පළාතෙන් වාර්තාවූ ආසාදිතයින් සංඛ්‍යාව 554 කි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් 8,728ක් වන අතර මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ කෙරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,416කි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 2,275ක් වාර්තා වී තිබේ.

ඊයේ දිනය තුළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 342ක් ද මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 128ක් ද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 84දෙනකු ද වාර්තා වී තිබිණ.

දකුණු පළාතේ මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින්ගෙන් 12,991 දෙනකු සුවය ලබා ඇති අතර මේ වනවිටත් රොගී තත්ත්වයේ පසුවන සංඛ්‍යාව 3,429කි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයින්ගෙන් 1,747ක් සුවය ලබා ඇති අතර මාතර දිස්ත්‍රික්කයේ සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 1,023කි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසාදිතයින්ගෙන් 659ක් සුවය ලබා ඇත.

දකුණ පළාතේ කොරෝනා ආශ්‍රිත වූ පුද්ගලයන් 18,563 දෙනකු මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර ඔවුන් පවුල් 6735ක සාමාජික සාමාජිකයෝය. ඒ අතරින් වැඩිම පිරිස වූ පවුල් 4,205ක පුද්ගලන් 10,571ක් වාර්තා වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. මාතර දිස්ත්‍රික්කයේ පවුල් 1,428ක පුද්ගලයන් 5,070ක් නිරෝධායනය වෙමින් සිටින අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 1,102ක පුද්ගලයන් 2,922ක් ද නිරෝධායනයට යොමුකර සිටිති.

Related articles

Recent articles

error: Content is protected !!