28.9 C
Galle

කොරෝනා හැදුණු බිරිඳ මියගොස් සති දෙකට පසු සැමියාත් කොරෝනා සෑදී නිවසේ දී ම මරුට. PCR ප්‍රතිඵල ලැබුණේ දින 14කින්

Published:

නිවසේ දී ම මියගිය බිරිඳ කොරෝනා ආසාදිතවීම හේතුවෙන් පීසීආර් පරීක්ෂණයකට ලක්වූ සැමියාගේ එම වාර්තා දින 14කට පසු ලැබී ඇති අතර කොරෝනා ආසාදිත බව තහවුරු වූ ඔහු ද රෝහල් ගතකිරීමට පෙර නිවසේ දී ම මියයාමේ සිද්ධියක් ගාල්ල නගරයෙන් වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ රිච්මන්ඩ් කන්දේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුගේ බිරිඳ සති දෙකකට පෙර නිවසේ දී ම මියගිය පසු  කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඇය කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබිණි. මේ හේතුවෙන් ඇගේ සැමියා ඇතුළු පවුලේ සාමාජික සාමාජික‍ාවේ පීසීආර් පරීක්ෂණවලට ලක්කෙරිණි. එසේ වුව ද එම පරීක්ෂණ වාර්තා දින 14ක් පුරා නිකුත් වූයේ නැත. වාර්තා ලැබී තිබුණේ ඊයේ (06) සවස් කාලයේ දී ය.

සති දෙකකට පෙර මියගිය කාන්තාවගේ සැමියා කොරෝනා ආසාදිතයකු බව එම වාර්තා අනුව තහවුරු වී තිබිණි. සෞඛ්‍ය අංශවලින් උපදෙස් දී තිබුණේ එම තැනැත්තා රෝහල්ගත කිරීමට කටයුතු කරන බැවින් එතෙක් නිවසේ සිටින ලෙසයි.

නමුත් අද (07) උදෑසන 10.00ට පමණ ඔහු නිවසේ දී ම මියගොස් සිටියේය.

ප්‍රදේශවාසීන් පවසන්නේ සති දෙකකට පෙර ලබාගත් ජෛව සාම්පලවල පීසීආර් වාර්තා මෙතරම් ප්‍රමාද නොවුණානම් එම තැනැත්තා රෝහලකට ඇතුළත්කර ප්‍රතිකාර ලැබෙන බැවින් ඔහුගේ මරණය වළක්වාගත හැකි බවයි.

Related articles

spot_img
error: Content is protected !!