27.9 C
Galle

තෙල් මිල වැඩි වෙයි ?

Published:

ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බැවින් ඉන්ධන මිල සංශෝධනය කිරීමට වියදම් කමිටුව විසින් අනුමැතිය ලබාදුන් බව බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිළ පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉන්ධන මිල සංශෝධනය කරන දිනය පිළිබඳ ඉදිරියේ දී දැනුම්වත් කරන බවයි.

මාස 21ක් පුරා ඉන්ධන මිල සංශෝධනය නොකර රජය විශාල අලාභයක් දරාගෙන සිටි බවත් දැනටමත් ණය ගෙවාගත නොහැකි අවදානම් තත්ත්වයකට තෙල් සංස්ථාව පත්ව ඇති බැවින් ඉන්ධන මිල වැඩිකිරීමට සිදුවනු ඇතැයි ද හෙතෙම කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!