28.3 C
Galle

වී ගබඩාවේ යන්ත්‍ර සොරකම්කළැයි සැකපිට මන්ත්‍රීවරු දෙදෙනෙක් අත්අඩංගුවේ

Published:

වී අළෙවි මණ්ඩලයට ගබඩාවක සවිකර තිබූ යන්ත්‍රයක සොරා ගැනීමේ සිද්ධියට අදාලව කොළොන්නාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනකු අත්අංගුවට ගත් බව පොලිසිය පවසයි.

මීතොටමුල්ලේ පිහිටා ඇති මෙම ගබඩාවේ සවිකර තිබූ යන්ත්‍රය සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම යන්ත්‍රය මිල දී ගෙන ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනා ද මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරු දෙදෙනා 50 හැවිරිදි සහ 52 හැවිරිදි වියේ පසුවෙති. ඔවුන් අද (16) කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!