27.1 C
Galle

24 හැවිරිදි ගැබිනි කතක් කොරෝනාවෙන් මරුට. ගැබිනි මරණ 11 දක්වා ඉහළට

Published:

තරුණ ගැබිනි කාන්තාවක් කොරෝනා ආසදනය හේතුවෙන් අද (18) කොළඹ දී මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

දෙහිවල පදිංචිකාරියක වන ඇය මියයනවිට 24 වැනි වියේ පසු වූ අතර ඇගේ දරු ගැබට සති 22ක් ගත වී තිබූ බව වෛද්‍ය වාර්තා අනුව තහවුරු වෙයි. කොරෝනා ආසාදිතව ලංකා හොස්පිට්ල්හි ප්‍රතිකාර ලබමින් සිටි ඇගේ සිරුරු සම්බන්ධ මරණ පරීක්ෂණය අද පවත්වා ඇත.

සෞඛ්‍ය අංශ පවසන්නේ කලලයෙන් ද පීසීආර් පරීක්ෂණයක් සිදුකර ඇති බවයි. ඇගේ දේහය මිහිදන් කිරීම සඳහා හෙට (19) මඩකලපුව ප්‍රදේශයට යැවීමට නියමිතව තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!