27.1 C
Galle

පාසල් විවෘත කිරීමේ තීරණයක් නෑ. online ක්‍රමය අපහසු ළමයින්ට විසඳුම් සොයනවා

Published:

පාසල් ඉක්මණින් විවෘතකිරීමේ බලාපොරොත්තුවක් නැතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි. පාසල් දරුවන්ගේ සෞඛ්‍යමය ජීවිතයට අවදානමක් ඇතිවිය හැකි බැවින් පාසල් විවෘතකිරීමට තීරණය කරන්නේ වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව බව ද අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී කීවේය.

කොරෝනා වසංගතය යනු ශ්‍රී ලංකාවේ පමණක් ප්‍රශ්නයක් නොවන බවත් බොහෝ රටවල් මේ ප්‍රශ්නයට විසඳුම් සොයමින් සිටින බවත් හෙතෙම කීවේය. පාසල් වසා තිබෙන කාලයේ දී දරුවන්ගේ අධ්‍යාපනය සඳහා Online ක්‍රමය භාවිතා කරන අතර “ගුරු ගෙදර” “e-තක්සලාව” වැනි වැඩ සටහන් භාවිතා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ ක්‍රමයට අනුගත විය නොහැකි දරුවන් පිරිසක්ද සිටින බවත් ඒ ගැටළුවටද  ප්‍රායෝගික විසඳුම් ලබාදීමට වෙහෙසෙමින් සිටින බවත් අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!