30.5 C
Galle

දියේ ගිලී මියගිය පුද්ගලයාටත් කොරෝනා

Published:

ආණමඩුවේ වැවක නෑමට ගොස් දියේ ගිලී මියගිය පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ‍පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ආණමඩුව H8 ගම්මානයේ පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රවී අබේරත්න පවසන්නේ 22 වැනි දා මියගිය ඔහුගේ මළ සිරුරෙන් ලබාගත් ජෛව සාම්පල පරීක්ෂා කිරීමේ දී මේ බව තහවරු වී ඇති බවයි.

මියගිය පුද්ගලයාගේ ආශ්‍රිතයන් 20 දෙනකු මේ වනවිට නිරෝධායනයට යොමුකර සිටින අතර තවත් 50ක පමණ පිරිසක් හඳුනාගෙන ඇතත් ඔවුන් නිරෝධායන උපදෙස් මඟහරිමින් කටයුතු කරන බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!