කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ ගල් හා පස් කඩා වැටීමක් සිදුව ඇතැයි පොලිසිය පවසයි.
මාර්ගයට පස් සහ ගල් වැටීම හේතුවෙන් එම ප්‍රදේශය ඔස්සේ ගමන් කරන රියදුරන්ට අවධානයෙන් රිය ධාවනය කරන ලෙස පොලිසිය දැනුම් දෙයි.
ගල් පෙරළීමෙන් මාර්ගය ආසන්නයේ නවතා තිබූ යතුරුපැදියකට ද හානි සිදුව තිබේ.
සිද්ධියෙන් කිසිවකුට තුවාල සිදුවූ බවට මෙතෙක් වාර්තා වී නොමැති අතර, මාර්ගයේ රථවාහන ගමනාගමනයට බලපෑම් සිදුව ඇතැයි වාර්තා වේ.



