29.3 C
Galle

කොටස් වෙළඳපල නොකඩවා පස්වන දිනටත් ඉහලට

Published:

අද (09)කොටස් වෙළඳපල පසුගිය දින කිහිපය පුරාවට සමාගම් කොටස් මිල ඉහල ගිය අතර අද දිනය තුළ පමණක් ගනුදෙනු අවසානයේ සමස්ථ කොටස් මිල දර්ශකය ඒකක 291කින් ඉහල ගිය අතර දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 3334ක් ලෙස වාර්තා වී ඇත.

අද කොටස් වෙළඳපල ගනුදෙනු 30,744ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3334ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 291ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,531ක් ලෙසිනි. සංවෘත කවයේ ගනුදෙනු රුපියල් මිලියන 368කි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ඩිප් ප්‍රඩක්ට් සමාගම මිලියන 322
  • කොමර්ෂල් බැංකුව මිලියන 143
  • සන්ෂයින් හෝල්ඩිංස් මිලියන 141

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • යූ බී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 22
  • සොෆ්ට් ලොජික් ෆයිනෑන්ස් සමාගම කොටස් මිලියන 13
  • ආසිරි සර්ජිකල් සමාගම කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සොෆ්ට් ලොජික් ෆයිනෑන්ස් සමාගම 25%
  • සොෆ්ට් ලොජික් සමාගම 24%
  • ආසිරි සර්ජිකල් සමාගම 21%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 433
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 355
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 340

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 16 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 79ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 63ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් කොටස් මිලදී ගත් සමාගම්

  • ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් මිලියන 01

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 32
  • සී අයි සී සමාගම රුපියල් මිලියන 13
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 07

විශ්ලේෂණය – නීතිඥ රජීන්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!