32.1 C
Galle

දිවයිනේ ප්‍රදේශ රැසකට අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

Published:

දිවයිනේ ප්‍රදේශ රැසකට අද (09) මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට තද වැසි ඇති වීමට ඉඩ ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට නියමිතය.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල ද ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ තිබේ. මුහුදු ප්‍රදේශවල ඊසාන දෙසින් පැයට කිලෝමීටර් 20ත් 30ත් අතර වේගයකින් සුළං හමන අතර මුහුදු තත්ත්වය සාමාන්‍යයෙන් මධ්‍යම මට්ටමේ පවතිනු ඇත.

කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර වේගයකින් තාවකාලික තද සුළං ඇති විය හැකි අතර මුහුද ඉතා රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

Related articles

spot_img
error: Content is protected !!