අද (10)කොටස් වෙළඳපල කොටස් මිල දර්ශකය ඒකක 592කින් ඉහල ගිය අතර සමස්ථ කොටස් මිල දර්ශකය දීර්ඝ කාලයකට පසු ඒකක විසි දෙදහසේ සීමාව ඉක්මවා 22,123ක් ලෙසද දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 7,959ක් ලෙසද වාර්තා විය. ඒ අනුව හයවන දිනටත් කොළඹ කොටස් මිල දර්ශකයන් ඉහල යෑම විශේෂත්වයකි.
අද කොටස් වෙළඳපල ගනුදෙනු 45,116ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 7,959ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 592ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,123ක් ලෙසිනි. සංවෘත කවයේ ගනුදෙනු රුපියල් මිලියන 2,017කි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ඩයලොග් ආසියාටා සමාගම මිලියන 1,415
- කොමර්ෂල් බැංකුව මිලියන 649
- හැටන් නැෂනල් බැංකුව මිලියන 453
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 28
- යූ බී ෆයිනෑන්ස් සමාගම කොටස් මිලියන 14
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 13
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඔටෝඩ්‍රෝම් සමාගම 19%
- ගෝල්ෆේස් කැපිටල් සමාගම 14%
- දංකොටුව පෝසිලේන් සමාගම 14%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 454
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 369
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 349
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 56 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 1,259ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 1,203ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් කොටස් මිලදී ගත් සමාගම්
- ජේ එෆ් පැකින් සමාගම රුපියල් මිලියන 09
- ග්‍රීන් ටෙක් එනර්ජි සමාගම රුපියල් මිලියන 03
- රේණුක සිටි හොටෙල් සමාගම රුපියල් මිලියන 02
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ඩයලොග් ආසියාටා රුපියල් මිලියන 1015
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 34
- එයිට්කන් ස්පෙන්ස් රුපියල් මිලියන 29
විශ්ලේෂණය – නීතිඥ රජීන්ද්‍ර නාරංගොඩ



