28.3 C
Galle

දුමින්ද නිදහස් කිරීම නීතිය හෑල්ලුකිරීමක් යැයි ඇමෙරිකා තානාපතිනිය කියයි

Published:

මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී බන්ධනාගාරගතකර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් ලබාදීමෙන් නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක්කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී.ටිප්ලිට්ස් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

2018 වර්ෂයේ දී ශ්‍රේෂ්ඨාදිකරණය මගින් ද තහවුරු කෙරුණු මරණ දඬුවමක් හිමිව සිටි අයකු මෙලෙස නිදහස් කිරීම නීතියේ ආධිපත්‍ය අවතක්සේරු කිරීමක් බව ද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බව ද ඇය පවසයි.

එමෙන්ම වගවීම සහ යුක්තිය සඳහා සියලු දෙනාට සමානව ප්‍රවේශවීමේ අවස්ථාව සැළසීම එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කවල පදනම බවත් ඒ සඳහා ශ්‍රී ලංකාව ද කැපවී සිටින බවත් ඇය සිහිපත් කරන්නීය.

Related articles

spot_img
error: Content is protected !!