25.7 C
Galle

ව්‍යාපාරිකයාගේ වළ දැමූ සිරුරෙන් සාක්ෂි හොයන්න යයි. බිරිඳ හා සේවකයා රිමාන්ඩ්

Published:

මීගමුවේ ව්‍යාපාරිකයකුගේ මරණයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව මියගිය ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ ඔහුගේ සේවකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අධිකරණ නියෝගයක් ලබාගෙන එම ව්‍යාපාරිකයාගේ මළ සිරුර යළි ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් ද පැවැත්වීමට පොලිසිය තීරණය කර තිබේ.

මෙම ව්‍යාපාරිකයා පසුගිය 2020 වර්ෂයේ ඔක්තෝබර් 03 වැනි දින මියගොස් ඇති අතර දේහය ඒ ආසන්න දිනයක භූමදාන කර තිබිණි.

ඔහුගේ මරණය පිළිබඳ කිසියම් පුද්ගලයකු විසින් ලබාදුන් තොරතුරු ඔස්සේ විමර්ශනයක් කළ පොලිසිය මෙලෙස ඊයේ (24) බිරිඳ හා සේවකයා අත්අඩංගුවට ගෙන තිබිණි. සැකපිට අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

Related articles

Recent articles

error: Content is protected !!