25.7 C
Galle

අති භයානක ඩෙල්ටා ප්‍රභේදය මෙරට ප්‍රමුඛ ප්‍රභේදය වන බවට අනතුරු ඇඟවීමක්

Published:

ඉන්දියාවට විශාල බලපෑමක් කළ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ඉදිරි සති 08 දී ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවන ප්‍රධාන ‍වයිරස ප්‍රභේදය විය හැකියැයි විශේෂඥ වෛද්‍යවරුන් විසින් අනතුරු අඟවා ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම නොකළහොත් මෙය ව්‍යාප්තවීම වැළැක්විය නොහැකි බව ද ඇය පවසයි. මෙය ඉතාමත් භායානක තත්ත්වයක් බව ද ඇමතිවරිය පෙන්වාදුන්නාය.

ඇය පවසන්නේ මේ ‍වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන විද්‍යාඥයන් ද ඒ පිළිබඳ අනතුරු අඟවා ඇති බවයි. සති 08ක් 10ක් යන විට එය රටේ පැතිරෙන සියළුම ප්‍රභේද අභිබවා ප්‍රධාන ප්‍රභේදය බවට පත්විය හැකි බව ඇය පවසන්නීය.

Related articles

Recent articles

error: Content is protected !!