30 C
Galle

ජූලි මාසයේ පාසල් විවෘත කිරීමේ සූදානමක්

Published:

පාසල් සිසුන් පිරිසකට කොරෝනා මර්ධන එන්නත ලබා දී පන්ති කිහිපයක අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.

11,12 සහ 13 ශ්‍රේණිවල ඉගෙනුම ලබන ලක්ෂ 07ක් පමණ වන සිසුන්ට, පාසල් ගුරුවරුන්ට සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 279,000ක පමණ පිරිසකට මෙලෙස එන්නත් ලබාදීමට සාකච්ඡා ආරම්භබ කර තිබේ.

මෙලෙස එන්නත් ලබාදීමෙන් කඩිනමින් කළහැකි වුවහොත් ජූලි මාසයේ දී එම පන්ති ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ‍ද ලේකම්වරයා පවසයි.  එන්නත් මාත්‍රා ‍එකක් හෝ ලබා දී පාසල් ආරම්භකිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ඔහු කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!