28.4 C
Galle

එන්නත්කරණ උපදේශක කමිටුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ ඉවත්වෙයි

Published:

එන්නත් පිළිබඳ ස්වාධීන විශේෂඥ උපදේශක කමිටුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ ඉල්ලා අස්වී ඇත.

ඖෂධ නියාමන අධිකාරිය විසින් පත්කෙරුණු මෙම කමිටුවෙන් මීට පෙර ‍කොළඹ උතුර වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒ.පත්මේෂ් මහතා ද ඉල්ලා අස්වූයේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මෙලෙස ඉල්ලා අස්වූයේ පුද්ගලික හේතුවක් මත යැයි ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙම විශේෂඥ කමිටුවේ අනෙකුත් සාමාජිකයන් ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, මහචාර්ය චන්න රණසිංහ, මහාචාර්ය සරෝජ් ජයසිංහ, වෛද්‍ය රජීව ද සිල්වා, වෛද්‍ය කාන්ති නානානායක්කාර, ‍වෛද්‍ය රෝහිත මුතුගල, වෛද්‍ය මහේන් කොතලාවල සහ වෛද්‍ය හසිත තිසේරා කටයුුතු කරති.

Related articles

Recent articles

error: Content is protected !!