28.4 C
Galle

බෝට්ටුවක පැටළුණු මළ සිරුර හඳුනාගැනීමට පොලිසිය සහය ඉල්ලයි

Published:

හැමිල්ටන් ඇලේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක එන්ජිමේ මළ සිරුරක් පැටලී තිබිය දී හමුවූ බව පොලිසිය පවසයි.

මෙලෙස හමුවී ඇත්තේ අඩි 5යි අඟල් 04ක් උසැති පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරකි. පොලිසිය පවසන්නේ එම තැනැත්තා වයස අවුරුදු 45ක් පමණ විය හැකි බවයි.

උදෑසන ධීවර කටයුතු සඳහා යමින් සිටිය දී තිබූ බෝට්ටුව වත්තල හේකිත්ත පන්සල ඉදිරිපිට පාලම යට දී ප්‍රදේශයේ දී හදිසියේම නතරවීම හේතුවෙන් දියට බැස බලනවිට මළ සිරුර බෝට්ටුවේ පැටලී තිබෙනු දුටු බව එය සොයාගත් ධීවරයා පොලිසියට පවසා තිබේ.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන වත්තල පොලිසිය සිරුර හඳුනාගැනීම සඳහා මහජන සහාය පතයි.

Related articles

Recent articles

error: Content is protected !!