28.4 C
Galle

ගිනිගත් නැව නිසා මුහුදු ජීවීන් 200ක් මියගිය බව නීතිපති අධිකරණයට දන්වයි

Published:

X-Press Pearl නැව විනාශවීම හේතුවෙන් මුහුදු ජීවීන් 200ක් මියගොස් ඇතැයි නීතිපතිවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රමට අද (29) දැනුම් දුන්නේය.

මෙලෙස මියගිය මුහුදු ජීවීන් අතර කැස්බෑවුන් 176 දෙනකු, ඩොල්ෆින් මත්ස්‍යයන් 20ක් හා තල්මසුන් 04 දෙනකු වාර්තාවන බව ද නීතිපතිවරයා විසින් දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව විසින් මෙරට අධිකරණ 26කට කරුණු ඉදිරිපත් කරනු ලැබ ඇති බවත් එම මරණ සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තා කැදවීම සදහා රස පරීක්ෂකවරයා වෙත අදාළ වාර්තා යොමුකර තිබෙන බව ද නිතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් අධිකරණය හමුවේ කියා සිටියේය.

Related articles

Recent articles

error: Content is protected !!