28.6 C
Galle

වනජීවී නිලධාරීන්ට බාධා කළ මේජර් ජනරාල් පොලිසියට භාරවෙයි. අද අධිකරණයට

Published:

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ දී අලි ඇල්ලීමේ යෙදී සිටි කිසියම් පිරිසක් හඹා ගිය සිද්ධියක් සම්බන්ධයෙන් වනජීළුී නිලධාරීන්ගේ රාජකාරියට බාධ කළ බවට චෝදනා එල්ල වූ යුද හමුදා මේජර් ජනරාල්වරයා පොලිසියට භාරවීමෙන් පසු අද (01) උදෑසන අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසයි.

ඔහු අද (01) කැකිරාව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත්කිරිමට නියමිතව තිබිණි.

පසුගිය 23 වැනි දා මින්නේරිය ජාතික වනෝද්‍යානයට පැමිණි කිසියම් පිරිසක් විසින් අලි අල්ලන බවට ලැබුණු චෝදනාවක් අනුව එහි ගිය වනජීවී නිලධාරීන් වනයෙන් පිට වූ යුද හමුදා රථ පසුපස හඹා ගිය බවත් ඒවා කඳවුරට ඇතුළු වූ පසු තම කණ්ඩායම ආපසු හැරී එද්දී එහි පැමිණි මේජර් ජනරාලවරයා තම රාජකාරීයට බාධාවන අයුරින් කටයුතු කළ බවත් වනජීවී නිලධාරින් පැමිණිලි කර තිබිණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පාර්ශවයෙන් ද හබරණ පොලිසියට පැමිණිල්ලක් කර  තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!