27.7 C
Galle

වෙඩි වැදී මියගිය පුද්ගලයකුටත් කොරෝනා

Published:

ගාල්ල ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ ඌරගස්මංහන්දිය තේවත්ත ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් මියගිය පුද්ගලයකු කොරෝනා ආසාදිත බව සෞඛ්‍ය අංශ පවසයි.

පසුගිය 02 දා රාත්‍රී 10.30ට පමණ ඔහු සිය නිවසේ සිටිය දී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ පෙත්තහේවා දිලුණු සඳරුවන් විජේරත්න නමැති 32 හැවිරිදි එක්දරු පියෙකි.

ඇල්පිටිය රෝහ‍ලේ දී ඔහුගේ මෘත ශරීරයෙන් ජෛව සාම්පල ලබාගෙන කරන ලද PCR පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ මියයනවිට ඔහු කොරෝනා ආසාදිතයකු ව සිටි බවයි.

2021/07/02 වන දින  රාත්‍රි 22.30 පැයට පමණ  ඌරගස්මන් හන්දිය ප්‍රදෙසයේ පහත විස්තර සදහන් පුද්ගලයා හට ඔහුගේ නිවසේදීම වෙඩිතබා ඝාතනය කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!