27.2 C
Galle

දෙහිවල ඔරං ඔටං සහ චිම්පන්සින්ට කොරෝනා

Published:

දෙහිවල සතුන්වත්තේ චිම්පන්සි දෙදෙනකුට හා ඔරං ඔටං දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.

මේ බව තහවුරුවීමත් සමඟම එම සතුන් සිව් දෙනා අනෙක් සතුන්ගෙන් වෙන්කර තිබේ.

මීට පෙර කොරෝනා ආසාදිත බව තහවුරු වූ තෝර් නමැති සිංහයාට සහ ‍ධේනුව මේ වනවිට සුවය ලබා ඇති බව ද ‍සත්වෝද්‍යාන ආරංචිමාර්ග පවසයි.

සත්වෝද්‍යාන විවෘත කිරීමට සෞඛ්‍ය අංශවලින් අවසරය ලැබී ඇතත් කොවිඩ් අවදානම හේතුවෙන් දෙහිවල සත්වෝද්‍යානය තවදුරටත් විවෘත නොකිරීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!