25.7 C
Galle

අධ්‍යාපන වැඩමුළුවකට ගිය 02කට කොරෝනා දකුණු පළාත් අධ්‍යක්ෂකත් නිරෝධායනයේ

Published:

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ‍මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සංවිධානනය කර තිබූ දෙදින වැඩමුුළුවක ට සහභාගී ගාල්ල දිස්ත්‍රික් අධ්‍යාපන නිලධාරීන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.

පසුගිය ජූලි 17 සහ 18 පැවැති මෙම වැඩමුළුවට සහභාගී වීම සඳා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෑන් රථයෙන් කොළඹ ගිය බද්දේගම හල්පාතොට පදිංචි ගුරු උපදේශිකාවක් සහ ඇල්පිටියේ පිටිගල පදිංචි පරිගණක සහායිකාවක් රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් කරන ලද පරීක්ෂණවලින් කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ

මේ හේතුවෙන් එම වෑන් රථයෙන් වැඩමුළුව සඳහා සහභාගී වූ දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඇතුළු සියළු දෙනා සහ ආසාදිත වූ අයගේ ආශ්‍රිතයන් මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇත.

වැඩමුළුව පවත්වා ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙනි. ඒ සඳහා 250ක පමණ පිරිසක් සහභාගී වූ බව ද වාර්තා වෙයි.

Related articles

Recent articles

error: Content is protected !!