24.8 C
Galle

ඇස්ට්‍රාසෙනිකා සහ ෆයිසර් එන්නත් ‍ලබාගත් වෛද්‍ය ජයරුවන්ට කොරෝනා

Published:

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොරෝනා ආසාදනය වී ඇත.

පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නතත්, දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නතත් ඔහුට ලැබී ඇත. එසේ එන්නත් මාත්‍රා දෙකම වර්ග දෙකකින් ලබාගත් වෛද්‍ය ජයරුවන්ට කොරෝනා ආසාදනය වී තිබේ.

ශරීරය ඇතිවූ වේදනාකාරී තත්ත්වය සහ උගුරේ ඇති වූ අපහසු අපහසුතාවයක් නිසා ඔහු වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට යොමු වී ඇති අතර ඉන් ඔහු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ

තමාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග අදාල වෛද්‍යවරුන්ගේ උපදෙස්වලට අනුව දින 10ක කාලයක් නිවසේ සිට ප්‍රතිකාර ලබමින් නිරෝධානයට යොමු වු බව ඒ මහතා කියා සිටියේය.

Related articles

Recent articles

error: Content is protected !!