27.2 C
Galle

ගුරු විරෝධය ගැන බොරු ප්‍රචාරය කළ පිරිසක් ගැන CID වෙත පැමිණිල්ලක්

Published:

ව්‍යාජ ලියවිල්ලක් සකස්කර ගුරුවරුන්ගේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවන තො‍රතුරු සමාජගත කළේ යැයි කියන සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (02) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ෂෙහාන් දිසානායක විසිනි.

එම පැමිණිල්ල කර ඇත්තේ Online ක්‍රමයෙනි. එම කණ්ඩායම සංගමයේ ලිපි ශීර්ෂය ව්‍යාජ ලෙස වෙනස්කර තම සාමාජිකයන් නොමඟ යවන ආකාරයේ අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇතැයි ඔහු පැමිණිල්ලේ සඳහන් කර ඇත.

ඉදිරි දිනක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත්කිරීමට බලාපොරොත්තුවන බව ද හෙතෙම දිසානායක කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!