24.8 C
Galle

ගැබිනියන් දෙදෙනකු දරුවන් ද සමඟ අවසන් ගමන් යයි

Published:

කොරෝනා ආසාදනය වී සිටි ගැබිනියන් දෙදෙනකු දරුවන් දෙදෙනා සමඟ මියගොස් ඇතැයිි සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ කෙසෙල්වත්තේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් සහ මරදාන පදිංචි 26 හැවිරිදි කාන්තාවකි.

කෙසෙල්වත්තේ පදිංචි කාන්තාව කොළඹ කාසල් රෝහලේ කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි අතර ඇය අසාධ්‍ය තත්වයෙන් පසුවීම හේතුවෙන් සති 30ක් වයසැති දරුවාට උපත ලබාදීමට සඳහා ඊයේ (03) සිසේරියන් සැත්කමක් සිදුකර තිබිණි. එම සැත්කම අතරතුර මවත් දරුවාත් දෙදෙනාම මියගියහ.

26 හැවිරිදි කාන්තාව සොයිසා රෝහලේ කොරෝනා ආසාදිතව සිටි අතර සති 31ක් වූ දරුවා කුසෙහි සිටිය දී ම ඇය අද (04) උදෑසන මියගියාය.

මෙම මරණ දෙක සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ අද (04) සිදුකෙරිණි

Related articles

Recent articles

error: Content is protected !!