24.5 C
Galle

කොරෝනාවට වඩා ඩෙංගු බලපෑම වැඩි වෙයි ?

Published:

මීටරේ පරතරය තබා ගත්විට කොරෝනා රෝගයෙන් බේරීමට හැකිවුවත් මීටර් දෙසීයක් ඈතින් හිටියත් බේරීමට නොහැකි මාරාන්තික ඩෙංගු රෝගය පැතිරෙමින් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් වසයි.

මැසි සිට සැප්තැම්බර් දක්වා ඩෙංගු රෝගය පැතිරීමේ වේගවත් වන බවත් මදුරුවෙකුගෙන් තොරව බෝ නොවුණ ද එය වේගයෙන් සහ බොහෝ දුර පැතිරෙන බව ද හෙතම කීවේය.

වෛද්‍ය හේරත් ‍වැඩිදුරටත් මෙසේ ද පවසයි

“කොවිඩ්වලට වඩා ඩෙංගු දරුණුයි. වේගයෙන් පැතිරෙනවා. තමන් කොරෝනා මර්ධ එන්නත ලබාගෙන තිබුණත් දවස් දෙකකට වඩා උණ තිබෙනවානම් අනිවාර්යයෙන් ම වෛද්‍ය උපදෙස් ගැනීම ඉතාමත් වැදගත් වෙනවා”

Related articles

Recent articles

error: Content is protected !!