24.5 C
Galle

ළමා රෝහලේ ධාරිතාව ඉක්මවයි. සතියක දී රෝගී ළමුන් දෙගුණයක් වෙලා

Published:

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වාර්තා වූ කොරෝනා ආසාදිත ළමුන් සංඛ්‍යාව සතියක් ඇතුළත දෙගුණයක් වී ඇතැයි එම රෝහලේ විශේෂඥ ළමා රෝග වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

මීට පෙර එහි ළමුන් 30ක් පමණ සිටි බවත් ඉන් පසු පසුගිය සතියේ එම ප්‍රමාණය 80කට ආසන්න වූ බවත් පවසන වෛද්‍යවරයා කියා සිටියේ අද (05) වන විට රිජ්වේ ආර්යා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ළමුන් සංඛ්‍යාව 150 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ තත්වය යටතේ  ළමා රෝහලේ ධාරිතාව ඉක්මවා තිබීම හේතුවෙන් කොරෝනා ප්‍රතිකාර සඳහා අමතර වාට්ටු දෙකක් මෙන්ම හදිසි අනතුරු වාට්ටුව ද සූදානම් කිරීමට සිදුව තිබේ.   එමෙන් ම කොරෝනා  ආසාදිත දරුවන් කොටස් වශයෙන්  ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ද පිටත්කර යැවීමට සිදුව ඇතැයි වෛද්‍ය පෙරේරා කීවේය.

ඩෙල්ටා සැර කොරෝනා වයිරසය  නිසා  ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව  මෙලෙස ඉහළ යන්නට ඇතැයි සැක කරන බවද පවතින තත්වය යටතේ  දරුවන් උපරිම වශයෙන් රැකබලා ගැනීමට කටයුතු කරන්නැයි මව්පියන්ගෙන් ඉල්ලා සිටින බවත්  හෙතෙම වැඩිදුරටත්  කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!