24.2 C
Galle

පානදුර රෝහලේ මළ සිරුරු ගොඩ ගැසේ

Published:

පානදුර මූලික රෝහලේ කොරෝනා මළ සිරුරු 22ක් ගොාඩගැසී ඇතැයි රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.

ඊට අමතරව තවත් මළ සිරුරු 24ක් ද එහි ගොඩගැසී තිබේ. ඒ අතර නාදුනන මළ සිරුරු 05ක් ද ඇත.

මෘත ශරීරාගාරය සතුව ඇති අධි ශීතකරණ තුළ තැන්පත් කළ හැකිව ඇත්තේ මළ සිරුරු 12ක් පමණි. මේ හේතුවෙන් අනෙකුත් මළ සිරුරු තැන තැන ට්‍රොලි මත තබා ඇති අතර ඒවා දැඩි දුඟඳකින් යුතු බව ද සේවකයෝ කියති.

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ ඥාතීන් නිරෝධායනයට යොමුව සිටීම හේතුවෙන් මරණ ඉවත්කිරීමේ කටුයුතු සඳහා ඔවුන් සහභාගී කරගැනීමට නොහැකිවීම මෙලෙස දේහ ආදාහනය කිරීම ප්‍රමාදවීමට හේතුවක් වී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!