24.2 C
Galle

මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට කොරෝනා

Published:

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ හේතුවෙන් එම අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනකු නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන් මෙන්ම මුදල් අමාත්‍යා බැසිල් රාජපක්ෂ මහතා ද ආශ්‍රිතයකු වී ඇත්දැයි මේ වනවිට සෞඛ්‍ය අංශ විමර්ශනය කරමින් සිටියි. මීට අමතරව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි සහ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ද ඔහුගේ ආශ්‍රිතයන් වී ඇත්ද යන්න පිළිබඳ සෞඛ්‍ය අංශ අවධානය යොමුකර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!