27.1 C
Galle

දළදා පෙරහැර නරඹන්න බැතිමතුන්ට අවසර නෑ

Published:

දළදා පෙරහැර මෙවර ද ජනතා සහභාගීත්වයෙන් තොරව සිදුකිරිමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසයි.

කලින් සැළසුම් කර තිබුණේ සීමිත ජනතා සහභාගීත්වයකින් දළදා පෙරහැර පැවැත්වීමට වුව ද දැනට උද්ගතව ඇති වසංගත තත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පෙරහැර පැවැත්වෙන බවත් පළමු කුඹල් පෙරහැර අගෝස්තු මස 13 වැනි දින වීථි සංචාරය කරන බවත් හෙතෙම පවසයි. කුඹල් පෙරහැර අගෝස්තු 17 දක්වා පැවැත්වෙන අතර 18 වැනි දින පළමු රන්දෝලි පෙරහැර වීථි සංචාරය කරයි. රන්දෝලි පෙරහැර දින 05ක් පුරා වීථි සංචාරය කරයි.

ඒ අනුව අවසන් රන්දෝලි පෙරහැර 22 දා රාත්‍රී පැවැත්වීමෙන් අනතුරුවව දිය කැපීමේ මංගල්‍යය සහ දහවල් පෙරහැර අගෝස්තු 23 වැනි දා පැවැත්වීමෙන් මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය අවසන්වන බව දියව‍ඩන නිළමේ කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!