27.5 C
Galle

දකුණෙන් නව කොරෝනා වාර්තාවක්

Published:

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය ආරම්භ වූ පසු දකුණු පළාතෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද (11) උදෑසන 9.00ට අවසන් වූ පැය 24දී වාර්තා වී ඇත.

එම සංඛ්‍යාව ආසාදිතයන් 1,268කි.

දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (11) නිකුත් කළ වාර්තාවේ මේ බව දැක්වෙයි.

වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 479කි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන 445ක් වාර්තා වී ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 199ක් වාර්තා වී තිබේ. ඔවුන් 1,123 දෙනාම වාර්තා වි ඇත්තේ සාමාන්‍ය ජන සමාජයෙන් වන අතර ආසාදිතයන් 22ක් නි‍රෝධායන මධ්‍යස්ථාන හා අතරමැදි ප්‍රතිකාර ඒකකවලින් වාර්තා වී තිබේ. රෝහල්වලින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 123කි.

ඒ අනුව මේ වනවිට දකුණු පළාතෙන් කොරෝනා ආසාදිතයන් 33,386ක් වාර්තා වී ඇති අතර තවමත් කොරෝනා ආසාදිතව සිටින සංඛ්‍යාව 6,527කි.

Related articles

Recent articles

error: Content is protected !!