26.4 C
Galle

එක් දිනක දී දිස්ත්‍රික්ක 07කින් ආසාදිතයන් 4,100ක්

Published:

කොරෝනා ආසාදිතයන් 837ක් ඊයේ (10) දිනයේ දී නැගෙනහිර පළාතෙන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.ආර්.එම්.තවුෆීක් මහතා කියා සිටියේ ඒ අතරින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ විය. එම සංඛ්‍යාව 342 කි. මීට අමරතව ඊයේ දිනයේ දී නැගෙනහිර පළාතෙන් කොරෝනා ආසාදිත මරණ 05ක් ද වාර්තා වී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 2,000ක් සහ දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙන් ආසාදිතයන් 1268ක් වාර්තා වූ අතර, නැගෙනහිර පළාතේ මඩකලපුව, අම්පාර හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති ආසාදිතයන් 837ත් සමඟ මේ වනවිට ගත වූ පැය 24 දී මෙරට දිස්ත්‍රික්ක 07කින් පමණක් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 4,105කි.

Related articles

Recent articles

error: Content is protected !!