27.1 C
Galle

“රෝගීන් වැඩි වුණොත් ඔක්සිජන් නෑ. උපරිම ධාරිතාවට ඇවිත්” – සෞඛ්‍ය අමාත්‍යාංශය

Published:

රෝහල්වල ඔක්සිජන් සැපයීමේ හැකියාව උපරිම මට්ටමට පැමිණ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

ඔක්සිජන් ලබාදීමට අවශ්‍යවන රෝගීන් තවදුරටත් වාර්තා වුවහොත් බරපතල තත්වයක් ඇතිවිය හැකි බව ද හෙතෙම පැවසීය.

මේ හේතුවෙන් මෙරට ඔක්සිජන් සැපයීම් සිදුකරන සමාගම් විසින් විවිධ කර්මාන්ත සඳහා සපයන ඔක්සිජන් තොගවලින් කොටසක් රෝහල්වල ප්‍රයෝජනයට ගැනීම සදහා එම සමාගම් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!