29.6 C
Galle

මරණ 155ක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි

Published:

කෙරෝනා ආසාදනය වී ඊයේ (12) ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 155 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කර තිබේ.

මේ අනුව මෙරට සිදුවූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5,775ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අය අතර පිරිමි පුද්ගලයන් 85 දෙනකු සහ කාන්තාවන් 70දෙනකු වාර්තා වෙයි. ඒ අතරින් වයස අවුරුදු 30ට අඩු කාන්තාවන් 03 දෙනකු, වයස අවුරුදු 30-59ත් අතර පිරිමි 27ක් හා කාන්තාවන් 14ක් වාර්තා වෙයි. වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පිරිමි 58ක් හා කාන්තාවන් 53ක් මියගොස් ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ.

Related articles

Recent articles

error: Content is protected !!