29.6 C
Galle

පාර්ලිමේන්තුවේ තවත් අංශ කිහිපයකට කොරෝනා පැතිරේ

Published:

පාර්ලිමේන්තුවේ කොරෝනා පැතිරීම තවත් අංශ කිහිපයකට ම ව්‍යාප්ත වී ඇති අතර මේ වනවිට එහි ලංකා බැංකු ශාඛාවේ සහකාර කළමනාකාරවරියට ද කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් එම ශාඛාව වසා දමා ඇත.

එමෙන්ම පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පත් කාර්යාලය, සභා ලේඛන කාර්යාලය සහ පාර්ලිමේන්තු පොලිස් ඒකකය යන අංශවලින් ද කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයකු කීවේය. පනත් කෙටුම්පත් කාර්යාලය හා ලේඛන කාර්යාලය තාවකාලිකව වසා දමා විෂබීජහරණය කිරීමෙන් පසු යළි ඒවා විවෘතකර තිබිණි.

දැනට වරින් වර කොරෝනා ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 21කි.

Related articles

Recent articles

error: Content is protected !!