28.8 C
Galle

දකුණේ කොරෝනා තත්වය තවත් දරුණු වෙයි

Published:

දකුණු පළාතෙන් අද (15) උදෑසන අවසන් වූ පැය 24 දී ද කොරෝනා ආසාදිතයන් 1,141 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය විසින් නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 446කි, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 400ක් වාර්තා වී ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයන් 222ක් වාර්තා වී තිබේ. ඔවුන් සියලු දෙනා ම සාමාන්‍ය සමාජයෙන් වාර්තා වී ඇති අතර රෝහල්වලින් වාර්තා වී ඇති ආසාදියන් සංඛ්‍යාව 69කි.

බන්ධනාගාරවලින් ද ආසදිතයන් 04 දෙනකු ලෙස මෙම 1,141 ක පිරිස වාර්තා වී ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!