27.1 C
Galle

දකුණේ කොරෝනා වාර්තා අලුත් වෙයි. අසාදිතයන් වැඩිම අද

Published:

දකුණු පළාතෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද (17) උදෑසන 9.00ට අවසන් වූ පැය 24 දී වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි.

එම මධ්‍යස්ථානය අද (17) දහවල් නිකුත්කළ වාර්තාවේ දැක්වෙන්නේ අදාල කාලසීමාව තුළ ආසාදිතයන් 1,457ක් වාර්තා වී ඇති බවයි. එම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 635ක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 421ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 389ක් වශයෙනි.

මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 20,803ක් වන අතර මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 12,860ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 5,727ක් වශයෙන් දකුණු පළාතෙන් මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 39,390ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!