31.6 C
Galle

දුම්රිය ස්ථාන 09ක් වසා දමයි. ස්ථානාධිපතිවරු 44ක් ඇතුළු රැසකට කොරෝනා

Published:

දුම්රිය ස්ථාන 09ක් මේ වනවිට වසා දමා ඇති බවත් දුම්රිය ධාවනය කිරීම ගැටලුවක් බවට පත්වෙමින් තිබෙන බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර පවසයි.

මෙයට හේතු වී ඇත්තේ මේ වනවිට දුම්රිය ස්ථානාධිපතිවරු 44 දෙනකු ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ප්‍රවාහන උප දෙපාර්තමේන්තුවට අයත් සේවකයන් 121 දෙනකු අද (18) සවස් වනවිට කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන තිබීමයි.

මේ පිරිස අතර දුම්රිය නියාමකවරුන් 14ක් සහ දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩල සාමාජිකයන් 63 දෙනකු සිටින බව ද හෙතෙම සඳහන ්කළේය.

මේ වනවිට ඉඳුරුව, හෙට්ටිමුල්ල, එගොඩඋයන, විල්වත්ත, උතුරු කළුතර, ගම්මන, තල්පේ, තලෙයිමන්නාරම සහ බුළුගහගොඩ දුම්රිය ස්ථාන තාවකාලිකව වසා දමා තිබේ.

Related articles

spot_img
error: Content is protected !!