26 C
Galle

ගාල්ලේ SOS ළමා ගම්මානයටත් කොරෝනා රිංගයි

Published:

ගාල්ලේ හපුගල පිහිටි එස්.ඕ.එස්. ළමා ගම්මානයෙන් ද කොරෝනා ආසාදිත ළමුන් දෙදෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

රෝග ලක්ෂණ දක්නට ලැබීම හේතුවෙන් පුද්ගලික රෝහලකින් කරගන්නා ලද ඇන්ටිජන් පරීක්ෂණවලින් එම දෙදෙනා ආසාදිත බව තහවුරු වී තිබේ.

එස්.ඕ.එස් ළමා ගම්මානයේ සිට දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරන සිසුවියක් සහ වයස අවුරුදු 15ක් වූ පිරිමි ළමයෙක් මෙලෙස ආසාදිත බව හඳුනාගෙන තිබේ.

කොරෝනා වයිරසය ළමා ගම්මානයේ අනෙකුත් දරුවන් වෙත පැතිරයාම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් ලබාදුන් බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Related articles

Recent articles

error: Content is protected !!