26 C
Galle

ශ්‍රී ලංකාව වසා දමයි. අත්‍යාවශ්‍ය ‍සේවා සාමාන්‍ය පරිදි ‍ගෙදරට වී ඉන්න

Published:

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය සළකා අද (20) රාත්‍රී 10.00 සිට මේ මස 30 වැනි දින අළුයම 4.00 දක්වා රට වසා දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශකර ඇත.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි. මේ පිළිබඳ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් විමසූ විට ඔවුන් කියා සිටියේ මෙතෙක් නිල වශයෙන් නිවේදනයක් නිකුත් නොකළ බවයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ අත්‍යාවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි සිදුකරන බවයි. එමෙන් ම නිවෙස්මලට වී සිටින ලෙස ද ඔහු ඉල්ලා ඇත.

Related articles

Recent articles

error: Content is protected !!