24.1 C
Galle

කරාපිටියේ කොරෝනා මරණ 14ක්. එන්නත්කරණය සම්පූර්ණ දෙදෙනකුත් ඒ අතර

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ඊයේ (26) ලැබී තිබූ මළ සිරුරු 19ක් අතරින් 14ක් ම කෙ‍ාරෝනා ආසාදිත මළ සිරුරු බව පීසීආර් පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි අධිකරණ වෛද්‍යවරු කියති.

එලෙස කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් 14 දෙනා අතරින් පුද්ගලයන් 05 දෙනකුම නිවෙස්වල දී මියගොස් ඇති අයයි.

කෙරෝනා ආසාදිතව මියගොස් සිටි 14 දෙනා අතරින් කාන්තාවන් දෙදෙනකු ම එන්නත්කරණය සම්පූර්ණකර තිබූ අය බව මරණ පරීක්ෂණයේ දී හෙළිවූයේ යැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ කීවේය.

එම කාන්තාවන් දෙදෙනාම ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවෝය. එක් කාන්තාවක් 46 හැවිරිදි දෙදරු මවක් වන අතර අනෙක් කාන්තාව 71 හැවිරිදි සිව්දරු මවකි. පශ්චාත් මරණ පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ මේ දෙදෙනාම කොරෝනා නිව්මෝනියා තත්වය හේතුවෙන් මියගොස් ඇති බවයි.

46 හැවිරිදි කාන්තාගේ මළ සිරු භූමදානය කිරීම සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයට යොමුකර ඇති අතර අනෙක් මළ සිරුරු 13න් 10ක් ම ඊයේ (26) දිනයේ දී ආදාහනය කිරීමට කටයුතු කර තිබිණි. අනෙක් මළ සිරුරු 03 අද (27) උදෑසන ආදාහනය කිරීමට කටයුතු යොදා ඇත.

Related articles

Recent articles

error: Content is protected !!