27.3 C
Galle

පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති

Published:

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා දමන ලෙස බලධාරීන්ට බලකර සිටියහ.

පරාක්‍රම සමුද්‍රය මෙරට රජවරුන්ගේ පාලනය පැවැති කාලයේ ඉදිවූ විශාලතම ජලාශය ලෙස සැළකෙන අතර එය පුරාවිද්‍යා ස්මාරකයක් ද වෙයි.

මෙහි සොරොව්වේ සිට දිසාපති නිල නිවස පිහිටි ස්ථානය දක්වා කිලෝ මීටර 1.7ක් දිගැති ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් මුදල් වෙන්කර තිබූ අතර මේ වනවිට එහි ඉදිකිරීම් ආරම්භ කර තිබේ.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්ක කළේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉල්ලීමට බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් අද මහා සංඝරත්නයෙන් එම ව්‍යාපෘතියට එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන්, පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කිරීමට ගෙනවිත් තිබූ බැකෝ යන්ත්‍ර ද ඉවත්කරගැනීමට සිදුවිය.

Related articles

Recent articles

error: Content is protected !!