24.1 C
Galle

Delta කොළඹ දී සියලු ප්‍රභේද පරදවා මතුවෙයි

Published:

කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ වනවිට වාර්තාවන සියලු කොරෝනා ආසාදිතයන් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ අය බව ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

ඒ බව අනාවරණය වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකින් හමුවූ කො‍රෝනා ආසාදිතයන්ගේ ජෛව සාම්පල ජාන අනුක්‍රමික පරීක්ෂණවලට යොමුකිරීමෙනි.

මෙලෙස ජාන පරීක්ෂණවලින් දැනට කොළඹින් පමණක් විවිධ ස්ථානවලින් මේ වනවිට ඩෙල්ටා ආසාදිත 292ක පිරිසක් හඳුනාගෙන ඇති බව ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

ඔහු මීට පෙර කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් අතරින් 92% ප්‍රමාණයක් ඩෙල්ටා ආසාදිතයන් වාර්තාවන බවයි. නමුත් මේ වනවිට එම තත්වය වෙනස් වී කොළඹින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් 100%ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ අය බව තහවුරු වී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!