27 C
Galle

නිවසක ගින්නකින් අඹු සැමියෝ මරුට

Published:

කඩවත ඇල්දෙණියේ නිවසක හටගත් ගින්නකින් එහි සිටි සැමියා (57) සහ බිරිඳ (53) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

අද (28) අළුයම නිවසේ උඩුමහලේ ගින්න හටගෙන ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය පොලිස් අපරාධ පරීක්ෂණ නිලධාරීන් සහ කඩවත පොලිස් නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.

මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව ද පොලිසිය සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!