24.1 C
Galle

rata.lk අනාවරණය කළ හික්කඩුවේ එන්නත් මගඩිය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් ?

Published:

හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් දොඩංදූව රෝහණ විද්‍යාලයේ පැවැති එන්නත්කරණ වැඩසටහනේ දී ප්‍රදේශවාසීන්ට දෙවැනි මාත්‍රාව ලබා නොදී පොළොන්නරුවෙන් පැමිණි පුද්ගලයන්ට ද දෙවැනි මාත්‍රාව ලබාදීමේ සිද්ධියක් rata.lk අපි ඊයේ අනාවරණය කළෙමු.

අප සතුව ඇති වීඩියෝ දර්ශන ප්‍රධාන මාධ්‍ය ආයතන වෙත ලබාදුන්න ද ඔවුන් ඒවා ඊයේ රාත්‍රියේ භාවිතා කළේ නැත. නමුත් සමාජ මාධ්‍ය භාවිතාකරන බොහෝ දෙනකු ඒවා විශාල ලෙස හුවමාරු කරන ලදී. එම ස්ථානයට ගෙනවිත් තිබූ එන්නත් ඉතිරිව තිබිය දී ප්‍රදේශවාසීන්ට එන්නත් නොදීම හේතුවෙන් එන්නත්කරණ වැඩසටහන අවසානයේ විශාල කලබලයක් ද ඇතිවිය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (28) කියා සිටියේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විධිමත් පරීක්ෂණයක් පවත්වන බවයි.

එම ස්ථානයේ දී පටිගත කළ දර්ශන සම්පූර්ණයෙන් ම පහතින් නරඹන්න

Related articles

Recent articles

error: Content is protected !!