24.1 C
Galle

සතොස හෙට සිට සීනි 130ට විකුණයි ?

Published:

සතොස අළෙවි සැල්වලින් හෙට (30) සිට දුඹුරු සීනි කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 130.00ක මුදලකට ලබාගත හැකියැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

ඔහු පවසන්නේ ‍ලංකා සීනි සමාගම විසින් සතොසට මේ වනවිටත් අවශ්‍ය සීනි තොඟ නිකුත් කර ඇති බවයි. එමෙන්ම හෙට සිට අනෙකුත් සමූපකාර සමිතිවලට ද සීනි නිකුත් කරන බව හෙතෙම කීව්ය.

රටේ සීනි මිල ඉහළයාම හේතුවෙන් පාරිභෝගික ජනාතව පත්ව ඇති අසීරුතාවයෙන් මුදා ගැනීමට මේ පියවර ගත් බව ‍ද අමාත්‍යවරයා පවසයි.

ලංකා සීනි සමාගම බෙදාහරිනු ලබන්නේ සෙවනගල, පැලවත්ත සහ හිඟුරාන සීනි කර්මාන්ත ශාලාවල නිෂ්පාදනයන්ය.

Related articles

Recent articles

error: Content is protected !!