25.7 C
Galle

දරුවන් අතර පැතිරෙන මාරාන්තික උණ රෝගයක්

Published:

උතුරු ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ පැතිරෙන හඳුනා නොගත් උණ රෝගයක් හේතුවෙන් මේ වනවිට  50දෙනකු පමණ මියගොස් සිය ගණනක් රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ. මියගිය අයගෙන් වැඩිදෙනා ළමයින් බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

මොවුන්ගෙන් බොහෝ දෙනකු සන්ධි වේදනාව, හිසරදය, ඕක්කාරය සහ විජලනය වැනි රෝග ලක්ෂණ සහිතව රෝහල් ගතවී තිබේ. සමහර රෝගීන්ගේ කකුල් සහ අත්වල කුෂ්ඨ රෝග ලක්ෂණ ද දක්නට ලැබෙන බව වෛද්‍යවරු පවසති.

ප්‍රාන්තයේ නැගෙනහිර කොටසේ දිස්ත්‍රික්ක හයකින් මෙම රෝගීන් හමුවී ඇත. කෙසේවුවද මොවුන් කිසිවකු කොවිඩ් – 19 සඳහා ධනාත්මක වී නොමැත. රෝගී තත්ත්වය අසාධ්‍ය වූ දරුවන් ඉතා ඉක්මනින් මිය යන බව සඳහන් වේ. ෆිරෝසබැඩ් දිස්ත්‍රික්කයේ මියගිය 40 දෙනකුගෙන් 32දෙනකුම දරුවන් බව වෛද්‍යවරු පෙන්වා දෙති.

මෙය ඩෙංගු මදුරුවා මගින් බෝවන වෛරස රෝගයක් වියහැකි බවට වෛද්‍යවරු සැක පල කරති.

ඉන්දියාවේ, මාරාන්තික කොරෝනා වයිරස දෙවන රැල්ලේ රෝගීන් සෙමෙන් අඩුවෙමින් තිබෙන අතර තුර වැඩිම ජනාකීර්ණ ප්‍රාන්තයක පැතිරෙණ මෙම හඳුනා නොගත් උණ රෝගය බරපතල ගැටලුවක් වනු ඇතැයි බොහෝ දෙනා බිය පල කරති.

https://www.bbc.com/news/world-asia-india-58387520

Related articles

Recent articles

error: Content is protected !!